බැසිල්ගේ විදෙස් ගමන් තහනම
තාවකාලිකව ඉවත් කරයි.
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාට 2023 ජනවාරි 15 වන දා දක්වා විදෙස්ගත වීමට අවසර හිමි වේ.
බැසිල් රාජපක්ෂට අමතරව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ -සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුට එරෙහිව රට බංකොලොත් වීමට ඔවුන් වගකිව යුතු බව පවසමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සහ තවත් සිවිල් පුරවැසියන් කිහිප දෙනෙකු ගොනුකර තිබෙන පෙත්සමකින් ඔවුන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පවත්වන ලෙස ඉල්ලා තිබුණි.