බැසිල්ට-මහින්දට එරෙහි
විදෙස් ගමන් තහනම
දීර්ඝ කරයි.
හිටපු අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන අයට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම අගෝස්තු හතරවනදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු බවට නම් කරමින් මහින්ද රාජපක්ෂ – බැසිල් රාජපක්ෂ – හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් යන අයට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලා සිටිමින්, ජූලි මාසයේ 13 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබුණි.