බැසිල් අද
ඇමරිකාව බලා පියාසර කරයි..!
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ ඇමරිකාව බලා පියාසර කිරීමට නියමිත බව වාර්තා වේ.
රට බංකොලොත් වීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ ද වගකිව යුතු බැවින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස පෙත්සම් කරුවන් කිහිප දෙනෙක-ු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණු අතර ඒ අනුව යමින් ශ්‍රේෂ්ඨාධිකරණය බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පනවා තිබුණි.
කෙසේ වෙතත් එම විදෙස් ගමන් තහනම තාවකාලික පදනමකින් බැසිල් රාජපක්ෂ ඉවත් කරගෙන තිබුණු අතර 2-023 ජනවාරි මාසයේ 15 වන දා දක්වා දක්වා විදෙස් ගත වීම සදහා ඔහු අවසර ලබාගෙන තිබුණි.