බැසිල් හදුන්වා දුන්
සමාජ ආරක්ෂණ බද්ධ අද සිට බලාත්මකයි…!
පාන් මිලත් යළි ඉහළ යනු ඇති..!
පසුගිය අයවැයෙන් හදුන්වා දෙනු ලැබූ සමාජ ආරක්ෂණ බද්ධ අද දිනයේ සිට බලාත්මක වීමට නියමිත ය.
සමාජ ආරක්ෂණ බද්ධ වක්‍ර බද්ධති.
සමාජ ආරක්ෂණ බද්ධ හදුන්වා දුන්නද එහි නමේ ඇති තේරුම පරිදි මෙම බද්ධ යොදා ගන්නේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් පමණක්ද යන්න ගැටළු සහගතය.
8% ට තිබුණු වැට් බද්ද පසුගිය අය වැයෙන් 15% දක්වා ඉහළ දැමුවේ ය.
සමාජ ආරක්ෂණ බද්ධත් එකතු වූ විට 22% ක පමණ ඉහළ අගයකින් බදු ප්‍රමාණය වැඩිවනු ඇතැයි සජබ මන්ත්‍රී හර්ෂද සිල්වා පවසා තිබුණි.
අද සිට මෙම බද්ධ ක්‍රියාත්මක වන බැවින් නුදුරේදීම යළිත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය කියයි.
ඒ අනුව පාන් මිල ඉහළ යනු ඇති බවත් ඉහළ යන මිල අද හෙටම ප්‍රකාශ කිරීමට සිදුවන බවත් එම සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.
සමාජ ආරක්ෂණ බද්ධ ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා දැක් වූ අදහස පහත වීඩියෝවෙන් බලාගත හැකි ය.
https://www.facebook.com/harshadesilvamp/videos/1137838977110674