‘බිල ගෙවාගන්න බැරි
ජනතාවගේ ගෙවල්වල
ලයිට් කපන්න අපි එන් නෑ…!’
ලංවිම වෘත්තීය සමිති සන්ධානය කියයි.
වැඩි කරන විදුලි බිල ගෙවීමට නොහැකි ජනතාවගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරීවලට සහභාගී නොවීමට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් තීන්දු කළ බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ මව්බිම පුවත්පත සමගයි.
ජනවාරි මාසයේ සිට විදුලි බිල යළිත් අනිවාර්යයෙන්ම වැඩිකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසා සිටියි.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සිය විරෝධය පළ කර තිබෙන අතර විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති ද විදුලිබිල ඉහළදමනවාට ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කර තිබේ.
දැනටමත් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ජනතාවට වැඩිවන විදුලිබිල දරාගත නොහැකිවනු ඇතැයි පවසන ලංවිම වෘත්තීය සමිති සන්ධානය ජනතාව වෙනුවෙන් සිතා විදුලි බිල ගෙවීමට නොහැකිවන විදුලි පාරිභෝගිකයන්ගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමේ රාජකාරීවලින් ඉවත් වන බව පවසයි.