බිල ගෙවා ගන්න බෑ..! මාස අටට ලක්ෂ 7 කගේ ලයිට් කපයි.

0
475

බිල ගෙවා ගන්න බෑ..!
මාස අටට ලක්ෂ 7 කගේ ලයිට් කපයි.
අගෝස්තු මාසයේ පමණක්
විදුලිය විසන්ධි කිරීම් එක් ලක්ෂ විසි දහසක්.
– මව්බිම වාර්තා කරයි.


ගෙවුණු මාස අටක කාලය තුළ, විදුලිබිල ගෙවා ගත නොහැකි වූ ලක්ෂ හතකගේ පමණ විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර ඇතැයි, ඉරිදා නිකුත් වීමට නියමිත මවුබිම පුවත්පත වාර්තා කරයි.

මේ වසර සදහා මේ දක්වා තෙවතාවක් විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය කටයුතු කළේ ය.

අගෝස්තු මාසයේ පමණක් විදුලිය විසන්ධිකිරීම් එක් ලක්ෂ විසි දහසක් වාර්තා වී ඇති බව පුවත්පත වාර්තා කරයි.

විශේෂත්වය වන්නේ, සෑම මසකදීම විදුලිය විසන්ධි කිරීම් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ ගොස් තිබීමයි.

මාර්තු මාසයේ විදුලිය විසන්ධි කිරීම් පනස් අට දහසක් වාර්තා වී තිබේ.

මැයි මාසයේ විසුදිලිය විසන්ධි කිරීම් හැත්තෑ හතර දහසක් වාර්තා වී ඇති අතර, ජූනි මාසයේ දී එය අනූ දහසකට ආසන්න වී තිබේ.

ජූලි මාසයේ එක්ලක්ෂ දහ අට දහස දක්වා විදුලිය විසන්ධි කිරීම් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, අගෝස්තුවේ එය එක් ලක්ෂ විසිදහසද ඉක්මවා ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 4 =