බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ, අභිනවයෙන් තේරීපත් වූ ජනපති රනිල් වික‍්‍රමසිංහට සිය සුබපැතුම් පිරිනමා ඇති බව වාර්තා වේ.
ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයත්, ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගී තිබෙන අනෙකුත් ගැටළු සියල්ලත් ඉක්මනින්ම විසදා ගැනීමට නව ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද බෙලරුසියානු ජනාධිපතිවරයා සිය සුබ පැතුමේ සදහන් කර තිබේ.