බේත් ගන්න සල්ලි නෑ..!
මවක් සිය දරු දෙදෙනා ළිදකට තල්ලු කර
ඇයද එම ළිදටම පනී.
එක් දරුවෙක් මිය යයි.
මවක් සිය දරුවන් දෙදෙනාද සමගින් වගා ළිදකට පැන සිය දිවි නසා ගැනීමට තැත් කිරීමේ සිදුවීමක් කැබිතිගොල්ලෑව පොලිස් වසමෙන් වාර්තා වේ.
මෙම සිදුවීම ඊයේ දිනයේ දී සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පවසයි.
සිද්ධියට අදාල දරුවන් දෙදෙනාම ආබාධිත දරුවන් ය.
වැඩිමල් පිරිමි දරුවා වයස අවුරුදු 21 ක තරුණයෙකු බවත් ඔහු සිද්ධියෙන් මියගොස් ඇති බවත් පැවසේ.
ලංකාදීප පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කර තිබෙන ආකාරයට මව දරු දෙදෙනා ළිදට තල්ලු කර දමා ඇයද එම වගා ළිදට පැන ඇත්තේ ආබාධිත දරුවන් දෙදෙනාට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සහ ඔවුන් දෙදෙනා රැකබලා ගැනීමට ඇති නොහැකියාව හේතුවෙනි.