බොරතෙල් නැවක් දවස් 22 ක් තිස්සේ මහ මුහුදේ.
එක් දිනක ප්‍රමාද ගාස්තුව ඩොලර් එක් ලක්ෂ පනස් දහසයි.
බොරතෙල් මෙට්රික් ටොන් ලක්ෂයකට ආසන්න තොගයක් රැගත් නෞකාවක් දින 22 ක් තිස්සේ ගොඩබෑමට ඩොලර් නොමැතිව මහමුහුදේ බලා සිටින බව වාර්තා වේ.
මෙම නෞකාව සදහා දිනකට ගෙවිය යුතු ප්‍රමාද ගාස්තුව ඩොලර් එක් ලක්ෂ පනස් දහසකි.
මේ සම්බන්ධයෙන් හෙඩ්ලයින් නිවුස් වෙත අදහස් දැක් වූ බලශක්ති ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති නායකයෙකු වන ආනන්ද පාලිත මහතා පවසා සිටියේ සියල්ල මෙසේ සිද්ධ වන්නේ කොමිස් සූත්‍රයක් ක්‍රියාත්මක වෙමින් පවතින නිසා බවයි.