බොරතෙල් ප්‍රමිතියට නෑ.
සපුගස්කන්දෙන් භූමිතෙල් නෑ.
දිවයින වාර්තා කරයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවට ගෙනා බොරතෙල් නිසි ප්‍රමිතියට නොමැති නිසා භූමිතෙල් නිෂ්පාදනය නොවන තැනට පත්ව ඇතැයි පිරිපහදු උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.
මේ වන විට පිරිපහදුවේ කටයුතු ආරම්භ කළත් එහි පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය සියයට 22 කින් පමණ පහතවැටී ඇතැයි ද හෙතෙම කීය. මෙම බොරතෙල් මගින් වැඩිපුරම නිපදවිය හැක්කේ දැවිතෙල් බව ද එම නිලධාරියා පැවසීය.