බොරතෙල් වංචාවෙන් මාස හයට ඩොලර් මිලියන 90 ක් පිල්ලි ගසයි.

0
173

බොරතෙල් වංචාවෙන්
මාස හයට ඩොලර් මිලියන 90 ක් පිල්ලි ගසයි.
ආන්දෝලනාත්මක සමාගමේ
නිල නොවන නියෝජිතයා
තෙල් සංස්ථාවේ රහස්‍ය සාකච්ඡා සදහාත් වාඩි වෙලා.
සන්ඩේ ටයිම්ස් හෙළිදරව්ව.

නිවැරදි නොවන මිල ගණන් ඉදිරිපත් කරමින් නුසුදුසු වර්ගයේ බොරතෙල් ආනයනය කිරීමෙන් පසුගිය මාස හය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් රජයට අහිමි වී ඇති බව විශ්ලේෂණ වාර්තාවකින් හෙළි වන බව සන්ඩේ ටයිම්ස් පුව්තපත වාර්තා කරයි.

අදාල විශ්ලේෂණ වාර්තාව මේ වන විටත් රජයට ඉදිරිපත් කර තිබේ.

රටට අහිමි වූ ඩොලර් මිලියන අනූවෙන් පිරිපහදු කළ තෙල් නැව් දෙකක් මිලදී ගැනීමට හැකියාව තිබුණු බවද එකී විශ්ලේෂණ වාර්තාව පවසයි.

රට මුහුණ දී තිබෙන මූල්‍ය අර්බුදය මධ්‍යයේ අසාධාරණ ලෙස ලාභ උපයාගනිමින් සිටින ආන්දෝලනාත්මක සමාගමක් නිසැක වශයෙන්ම අසාදු ලේඛනගත කළ යුතු යැයි අදාල විශ්ලේෂණ වාර්තාව යෝජනා කරයි.

සමාගමේ නිල නොවන නියෝජිතයාට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ රහස්‍ය සාකච්ඡා සදහා සහභාගීවන ලෙස ආරාධනා කර තිබෙන බවද පැවසේ.

වෙනත් කිසිදු සැපයුම්කරුවකුට එවැනි වරප්‍රසාදයක් ලබා දී නැත.

අනෙකුක් සැපයුම්කරුවන්ගේ නැව් මහමුහුදේ රදවා තිබියදී ආන්දෝලනාත්මක අදාල සමාගමේ නැව් කෙටි පාරින් වරායට ඇතුළු කරගෙන ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

ජෙට් ඒ වන් නමැති ඉන්ධන ආනයනය සදහා අවසර ලබා දී ඇති එකම සමාගම අදාල ආන්දෝලනාත්මක සමාගමයි. වෙනත් කිසිදු සමාගමකට ඒ සදහා අවසර ලබා දී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + fifteen =