භූමි කම්පාවෙන් මිය ගිය ගණන
2300 ඉක්මවා යයි.
තුර්කියට සහ සිරියාවට බලපෑ භූමි කම්පාවෙන් මිය ගිය ගණන මේ වන විට 2300 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පළමු භූමිකම්පාව අද හිමිදිරියේ දී සිදු වූ අතර මේ සා විශාල ජීවිත හානියක් සිදු වූවේ එම භූමිකම්පාවෙනි. එකී පළමු භූමිකම්පාව සිදුවන අවස්ථාවේ දී මිනිසුන් නින්දේ පසු වූ බව පැවසේ. ඉන් අනතුරුව පස්වරු 1.30 ට පමණ රික්ටර් මාපක අංක 7.5ක තවත් භූමිකම්පාවක් ද වාර්තා විය.