මගී ප‍්‍රවාහන බස් රථ කුලී රථ සහ ත‍්‍රීරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන ප‍්‍රමාණය වැඩි කරන බව ඇමති කියයි.

0
368

මගී ප‍්‍රවාහන බස් රථ
කුලී රථ සහ ත‍්‍රීරෝද රථ සදහා
ලබා දෙන ඉන්ධන ප‍්‍රමාණය
වැඩි කරන බව ඇමති කියයි.

පොදු ප්‍රවාහනයේ යෙදී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන් වෙන්ව හඳුනාගෙන එය වෙනුවෙන් වෙනම QR කේතුවක් මගින් ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ලබා දීමට වැඩපිළිවෙලක් එළඹෙන සතිය වන විට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අද උදෑසන ප්‍රවාහන අමාත්‍යතුමා සහ නිළධාරීන් සමග සාකච්ඡා කරන ලදි.

එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන තුරු එම අවශ්‍යතා ලංගම ඩිපෝ මගින් සහ මාකුඹුර සහ බැස්ටියන් මාවත ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කිරීමට සැලසුම් කරන ලදි.

එමෙන්ම වෘත්තීය ත්‍රී රෝද රථ සහ කුලී රථ වෙන් වෙන්ව හඳුනාගෙන ඔවුන්ට ලබා දී ඇති පොදු ඉන්ධන කෝටාවට අමතරව තවත් ඉන්ධන ප්‍රමාණයක ලබා දීම වෙනුවෙන්ද අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදි.

මෙහිදී ගමනාගමන කොමිසම සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කිරීමටත් ඒ අනුව බලශක්ති අමාත්‍යාංශයට එම තොරතුරු ලබා දීමටත් ඒ අනුව එළඹෙන සතියේ එම අවශ්‍ය තීරණ ගැනීමටත් තීරණය කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන වෘත්තීය ත්‍රී රෝද සංගම් 15ක නියෝජිතයන් සහ කුලී රථ සංගම් නියෝජිතයන් සහබාගී වන ලදි.

[kanchana wijesekara]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × four =