‘මගේ කාර්යය රට ගොඩ දැමීම මිස
පළාත් පාලන මැතිවරණය
සදහා එජාපය මෙහෙයවීම නොවේ.’
ජනපති එජාප නායකයන්ට කියයි.
මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සදහා තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ ජ්‍යේෂ්ඨ නායකයන් සමග පවසා ඇතැයි වාර්තා වේ.
තමන්ට පැවරී ඇත්තේ ඉදිරි දෙවසර තුල දී වැටුණු රට ගොඩ ගැනීම බව පවසා ඇති ජනාධිපතිවරයා එම වරමට පිටින් කටයුතු කිරීමට තමන් සූදානම් නැති බවද පවසා තිබේ.
ඉදිරි පලාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය තරග වදින්නේ නම් 40% ක් අලුත් මුහුණ මැතිවරණය සදහා ඉදිරිපත් කිරීම සුදුසු බව තමන් විශ්වාස කරන්නේ යැයි ද ජනාධිපතිවරයා පවසා තිබේ.