මට එරෙහිව නඩු දමන්න..!
ජනක රත්නායකගෙන්
ඇමති කාන්චනට අභියෝගයක්.
රූපවාහිනී සංවාදයක දී මහජන උපයෝගී කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව නීතියම පියවර ගැනීමට තමන් සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා ඊයේ දිනයේ දී ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබුණි.
අදාල රූපවාහිනී සංවාදයේ දී ජනක රත්නායක මහතා හෙළිකර සිටියේ ඛණිජ තෙල් සංස්ථාව විසින් බාල වර්ගයේ බොරතෙල් තොගයක් ආනයනය කර ඇති බවයි.
එම බොරතෙල් ප්‍රයෝජනයට ගත නොහැකි බව කී ජනක රත්නායක මහතා අදාල බොරතෙල් තොගය ගෙන් වූ අයටම ඒවා බොන්ඩ දෙනවා හැරෙන්ඩ එම බොරතෙල්වලින් ගත හැකි වෙනත් ප්‍රයෝජනයක් නැති බවද පැවසී ය.
ජනක රත්නායක මහතාගේ චෝදනාව සම්බන්ධයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ඇමති කාන්චන විජේසේකර මහතා පැවසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් මහජන උපයෝගීතාකොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසන්නේ අමාත්‍යවරයා හෝ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙනත් වගකිව යුතු නිළධාරියෙක් හෝ තමන්ගේ ප්‍රකාශයට එරෙහිව අධිකරණයට යනතුරු තමන් බලා සිටින බවයි.
එවිට බොහෝ කරුණු හෙළිකර ගත හැකි වේයැයි ඔහු පවසයි.
අමාත්‍යවරයා කළ යුත්තේ තමන් හෙළි කළ කරුණ පිළිබදව සොයා බලා වැරැද්දක් සිදුවී ඇත්නම් එය නිවැරදි කර ගැනීමට කටයුතු කිරීම බව ද ජනක රත්නායක මහතා යෝජනා කරයි.