‘මන්දිරෙන් හමු වූ එක්කෝටි හැත්තෑ අට ලක්ෂය.’ ඒ මුදල්, අරගලකරුවන් විසින් විනාශ කළනිවාසවල හිමිකරුවන්ට බෙදා දීමට තිබුණු ඒවා..!ගෝඨා කියයි.

0
264

‘මන්දිරෙන් හමු වූ එක්කෝටි හැත්තෑ අට ලක්ෂය.’
ඒ මුදල්, අරගලකරුවන් විසින් විනාශ කළ
නිවාසවල හිමිකරුවන්ට බෙදා දීමට තිබුණු ඒවා..!
ගෝඨා කියයි.

නමුත් අල්ලස් කොමිසම විමර්ෂණ අරඹයි.

පසුගිය අරගල සමයේ, එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගිය ජූලි 09 වන දා, ඔහු ජීවත්ව සිටි මන්දිරය තුළ දමාගොස් තිබී හමු වූ රුපියල් මිලියන 17.85 ක මුදල සම්බන්ධයෙන් විමර්ෂණ ආරම්භ කළ බව අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම ඊයේ දිනයේ දී අධිකරණයට දැනුම් දී තිබේ.

පුරවැසි බලය නම් සංවිධානය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විමර්ෂණ ඇරඹූ බව අල්ලස් කොමිසම පවසා ඇති අතර, ඊළග නඩු දිනයේ දී විමර්ෂණවල ප්‍රගතිය තමන්ට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

මූලික විමර්ෂණයේ දී හිටපු ජනාධිපතිවරයා අදාල මුදල් තමන්ගේ බව පවසා ඇති අතර, ඒ මොහොතේ උද්ගතව තිබුණු තත්ත්වය අනුව මුදල් මන්දිරය තුළ දමා යෑමට සිදු වූ බව පවසා තිබේ.

හිටපු ජනාධිපතිවරයා මුදල්වල අයිතිය ඉල්ලා තිබුණද පැමිණිල්ලේ නීතීඥවරු ඊට විරෝධය දක්වා තිබුණි.

මුදල් තමන්ගේ බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා, එම මුදල්, අරගල සමයේ දී අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද නිවාස හිමියන් වෙත බෙදා දීමට තිබුණු මුදල් බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =