“මමත් – ජනාධිපතිත් ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගත්තා.දේශපාලනය කරන්න අවශ්‍යනම් අනෙක් අයත් ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගෙන එන්න..!”ගීතා කුමාරසිංහ.

0
32

පසුගිය සදුදා, ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පැවති සාකච්ඡාවේ දී, 21 වන සංශෝධනයෙන් යෝජනා කර තිබෙන ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මැතිවරණ සදහා ඉදිරිපත් වීම තහනම් කිරීම පිළිබද මාතෘකාවද කරළියට පැමිණ තිබේ.

එහිදී, ද්විත්ව පුරවැසියෙකු වීම හේතුවෙන් තමන්ට එක් අවස්ථාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ බව පවසා ඇති ගීතා කුමාරසිංහ මහත්මිය, ඒ නමුත් දේශපාලනය කිරීමේ ඇති උවමනාව නිසාම, නැවත මැතිවරණයට ඉදිරිපත් වීම සදහා තමන් සිය ද්විත්ව පුරවැසි භාවය ඉවත්කරගත් බව පවසා තිබේ.

තමන් මෙන්ම, ද්විත්ව පුරවැසියෙකු වූ ජනාධිපතිවරයාද සිය ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර ගත්තානම්, දේශපාලනය කිරීමට අවශ්‍ය ඕනෑම අයෙකු එම කොන්දේසියට යටත්විය යුතු බව ඇය අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × two =