‘මම ඉල්ලා අස්වන්නේ නෑ.’
මැතිවරණ කොමිසමේ සභාපති.
තමන් ඉල්ලා අස්වන බවට පලවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යය බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසයි.
පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාල කටයුතු සැලසුම්කර ආකාරයටම ඉදිරියට යන බව පවසා ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එක් සාමාජිකයෙකු මැතිවරණ කොමිසමෙන් ඉවත්වීම කොමිසමේ කටයුතුවලට කිසිදු බාධාවක් ඇති නොකරන බවද පවසයි.
කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සාමාජිකාවක වන පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වුවද මේ දක්වා නිල වශයෙන් තමන්ට එම තොරතුර ලැබී නැති නිමල් පුංචිහේවා මහතා පවසයි.