‘මම ගියේ බැසිල්ව බලන්න නෙවෙයි; ගෝරියක්ද කියලා බලන්න…!’ පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු.

0
115

‘මම ගියේ බැසිල්ව බලන්න නෙවෙයි;
ගෝරියක්ද කියලා බලන්න…!’
පොලිස් කොමිසමේ සභාපති
චන්ද්‍රා ප්‍රනාන්දු.

පසුගිය ඉරිදා දිනයේ පෙරවරුවේ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රභූ පර්යන්තයෙන් යළි දිවයිනට පැමිණි මොහොතේ ඔහු පිළිගැනීම සදහා ගිය පිරිස අතර පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාද සිටි අතර ඒ පිළිබදව මහත් විරෝධයක් එල්ල වී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ජයමහ මහතා කියා සිටියේ පොලිස් කොමිසමේ සභාපති වරයා වහා එම ධූරයෙන් නෙරපා දැමිය යුතු බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ සභාපතිවරයාගෙන් මාධ්‍යය විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන් එහි ගියේ බැසිල් රාජපක්ෂ මහතා මුණ ගැසීමට නොවන බවයි.

තමන් ගුවන් තොටුපලේ සිටියදී ගුවන් තොටුපලේ කලබලයක් බවට ආරංචි වූ බවත් ඒ ආරංචිය අනුව සැබැවින්ම කලබලයක්දැයි බැලීම සදහා තමන් ගිය බවත් ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =