“මම රාජපක්ෂලාගේ
අගුපිල්වල ළගින්න ගියේ නෑ..!”
දිලිත් ජයවීර කියයි.
තමන් රාජපක්ෂලාගේ අගුපිල්වල රිංගූ මිනිහෙකු නොවේ යැයි, දිලිත් ජයවීර පවසයි.
එමෙන්ම, රාජපක්ෂලාගෙන් කිසිදු උදව්වක් නොගත් අයෙකු බවද ඔහු පවසයි.
දිලිත් ජයවීර යනු උඩින් පාත් වූ අයෙකු නොවන බව පවසන දිලිත් ජයවිර. තමන්ට, හොද දේශපාලන පරිචයක් ඇති බවද පවසයි.
කෙසේ වෙතත්, වෙහෙස මහන්සියෙන් තමන් උපයා ගනු ලැබූ සමාජ ප්‍රාග්ධනයත්, ව්‍යාපාර ජාලය අත්කරගත් කීර්ති නාමයත් මේ වන විට අභියෝගයකට ලක්ව ඇති බව පවසන දිලිත් ජයවීර, තමන් සෘජුව දේශපාලනයට සම්බන්ධ වීමට තීරණය කලේ ඒ නිසාම යැයි ද පවසයි.
රාජපක්ෂ කදවුර දූෂිත බව තමන් මුල සිටම දැන සිටියේ යැයි පවසන දිලිත් ජයවීර, ඒ මොහොතේ රාජපක්ලා වෙනුවට වෙනත් විකල්පයක් නොතිබුණු බවද පවසයි.
තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට කැපවුනේ ඒ නිසා යැයි ඔහු වැඩිදුරටත් පවසයි.