‘මම හිටියානම් බැට් කරන හැටි දන්නවා..!’ හිටපු මැතිවරණ කොමසාරිස්.

0
165

‘මම හිටියානම්
බැට් කරන හැටි දන්නවා..!’
හිටපු මැතිවරණ කොමසාරිස්.


මැතිවරණ කොමිසමේ ඔබ නම්, ඔබ මැතිවරණය පවත්වනවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට, හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත්තේ තමන් මේ මොහොතේ මැතිවරණ කොමිසමේ සභාපතිව සිටියානම් බැට් කරන හැටි තමන් දන්නා බවයි.

තමන් දැන් ඉන්නේ පිටියෙන් එළියේ බව පවසා ඇති මහින්ද දේශප්‍රිය මහතා, විකට්ටුවේ ඉන්න අය බැට් කළ යුතු ආකාරය දැන සිටිය යුතු බවද පවසා තිබේ.

කෙසේ වෙතත් දැන් උදා වී ඇති තත්ත්වයට අනුව මැතිවරණය කල් දැමෙනු ඇතැයි පවසා ඇති හිටපු මැතිවරණ කොමසාරිස්වරයා ඒ පිළිබදව නිවේදනය කිරීම පමණක් දැන් මැතිවරණ කොමිසමට ඉතිරි වී ඇති බවද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + one =