“මම හොදින්…!”
මහින්ද කියයි.
තමන් හොද සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව දින කිහිපයක සිට සමාජ මාධ්‍යයේ පැතිරෙමින් පවතින අදහස් ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසී ය.
හිටපු ජනාධිපතිවරයා, අද දිනයේ කැළණි විහාරයට පැමිණ සිටියේ ය.
තමන් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටිනවා ද නැද්ද යන්න මාධ්‍යවේදීන්ටම බලා ගත හැකි යැයි, එහිදී හිටපු ජනාධිපතිවරයා පැවසී ය. එමෙන්ම, සමාජ මාධ්‍යයේ පැතිරෙන කතා කිසිවෙකු බරපතලෙට භාර ගත යුතු නැති බවද, හිටපු ජනාධිපතිවරයා එහිදී පැවසී ය.