මහජනතාව පීඩාවට පත්වන හෝ
රටේ ඒකීයභාවයට හානියක් වන ආකාරයේ
තීන්දු තීරණ ගන්න
අපි ජනාධිපතිට ඉඩ තියන්නෑ..!
රට තුළ පවතින්නේ සන්ධාන ආණ්ඩුවක් බවත් පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරයාට සම්පූර්ණ සහාය ලබා දීමට තීරණය කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ නමුත් ජනාධිපතිවරයා විසින් මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ හෝ රටේ ඒකීයභාවයට හානියක් වන ආකාරයේ හෝ තීන්දු තීරණ ගැනීමට යන්නේ නම් ඊට එරෙහිව කටයුත-ු කරන බවත් ඔහු පවසයි.
තරුණ අරගලකරුවන් පිළිබදව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ අරගලය තුළ ඔවුන්ගේ නිවාස ගිනි තැබීම්වලට සම්බන්ධ වූ පොඩි ළමයි හිරේ දැමීමෙන් පළක් නැති බවයි. ඔවුන් පුනරුත්ථාපනය කළ යුතු යැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.