මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, එම දුරයෙන් නෙරපීම ක්‍රියාත්මකයි…! ජනකගේ අතට චෝදනා පත්‍රය ලැබේ…!

0
145

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති,
එම දුරයෙන් නෙරපීම ක්‍රියාත්මකයි…!

ජනකගේ අතට
චෝදනා පත්‍රය ලැබේ…!

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම දූරයෙන් ඉවත් කිරීමට අදාල චෝදනා පත්‍රය මේ වන විට ඔහු අතට පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පසුගිය ජනවාරියේ ප්‍රකාශ කර තිබුණේ, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති දූරයෙන් ජනක රත්නායක මහතා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඒ අනුව ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කරමින් සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

අමාත්‍යවරයා පැවසූ පරිදි, කොමිසමේ සභාපතිවරයාට එරෙහිව සකස් කරන ලද චෝදනා පත්‍රය, මේ වන විට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ අතට පත්කර තිබේ.

කෙසේ වෙතත් චෝදනා පත්‍රයේ සදහන් කර තිබෙන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව ජනක රත්නායක මහතා පවසයි.

චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමන් විසින් ලියන ලද පිලිතුරු ලිපිය, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙත අද දිනයේ දී ඉදිරිපත් කරන බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 5 =