‘මහබැංකු අධිපතිවරයා ජනාධිපති වෙන්න බලන් ඉන්නවා…!’ ආෂු මාරසිංහ කියයි.

0
399

‘මහබැංකු අධිපතිවරයා
ජනාධිපති වෙන්න
බලන් ඉන්නවා…!’
ආෂු මාරසිංහ කියයි.


මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ඊළග ජනාධිපති අපේක්ෂකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන අනුගාමිකයෙකු වන ආෂු මාරසිංහ පවසයි.

එවැනි සැලසුමක් නන්දලාල් වීරසිංහ මහතාට ඇති බවත් ඒ වෙනුවෙන් දැනටමත් ඔහු කැම්පේන් එකක් අරඹා ඇති බවත් ආෂු මාරසිංහ මහතා පවසයි.

ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වූ තුලාව නම් දේශපාලන වැඩසටහන සහභාගී වෙමින් ඔහු මෙම චෝදනාව ඉදිරිපත් කළේ ය.

ලංකාවේ විදේශ ණය සම්බන්ධයෙන් මතු වූ සංවාදයකදී ජවිපෙ නියෝජනය කරමින් සහභාගී වූ නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ රටේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් වන බව මහබැංකු අධිපතිවරයා පැවසූ බවයි.

ආෂු මාරසිංහ මහතා පවසන්නේ එය ඩොලර් බිලියන 47ක් පමණක් බවයි.

එසේ තිබියදී මහබැංකු අධිපතිවරයා එවැනි බොරු පවසා ඇත්නම්, ඒ ඔහු ඊළග ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයා වීමට බලාපොරොත්තුවෙන් සිටින නිසා බවටද ඔහු චෝදනා කරයි.

ආෂු මාරසිංහ මහතා එම චෝදනාව ඉදිරිපත් කරන්නේ එය බරපතලෙට ගෙන බව සංවාදය නැරඹූ විට පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =