මහල් නිවාසවලින් කුලී නිවැසියන්
දොට්ට දමයි…!
ඇමති ප්‍රසන්නටත් චෝදනා…!
මවුබිම පුවත්පත වාර්තා කරයි.
දීර්ඝ කාලයක් තිස්සේ මහල් නිවාසවල පදිංචිව සිටි පදිංචිකරුවන් වෙත ඔවුන් පදිංචි වී සිටි එම මහල් නිවාස ලබා දීමට කටයුතු කරන බව වත්මන් ජනාධිපතිවරයා ඔහුගේ අයවැය කතාවේ දී සදහන් කළේ ය.
ජනාධිපතිවරයා එසේ කියා වැඩි කල් යාමට මත්තෙන් කුලී පදනම මත දීර්ඝකාලයක් තිස්සේ මහල්නිවාසවල පදිංචිව සිටින නිවැසියන් වෙත නාගරික සංවර්ධන අධිකාරිය ලිපියක් එවා තිබේ.
එම ලිපියෙන් කියැවෙන්නේ දින දාහතරක් තුළ අදාල නිවැසියන් ඔවුන් දැනට පදිංචිව සිටින නිවාසවලින් ඉවත්විය යුතු බවයි.
මේ බව වාර්තා කර තිබෙන්නේ ඉරිදා දිනයේ දී වෙළද පොලට නිකුත්වීමට නියමිතව ඇති මවුබිම පුවත්පතයි.
පුවත්පතට අදාල ලිපිය සපයා ඇත්තේ බුද්ධිසිරි ධර්මප්‍රිය නම් අයෙකි.
නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින ආයතනයකි.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් මහල්නිවාසවල ජීවත්වන නිවැසියන් පන්නා දැමීමට කටයුතු කරමින් සිටින්නේ අමාත්‍යවරයා සහ එම ුආයතනයේ සභාපතිවරයා යැයි පුවත්පත චෝදනා කරයි.
ඔවුන් එසේ කරන්නේ අදාල නිවාස ඔවුන්ගේ හිතවතුන්ට ලබා දීමේ අරමුණ ඇතිව බවද පුවත්පත වාර්තා කරයි.
කුලී පදනම යටතේ මහල්නිවාසවල ජීවත් වන ජනතාවට අදාල නිවාස වලින් ඉවත්වන ලෙසට දැනුම් දෙමින් නිකුත් කර තිබෙන ලිපියක් ද අදාල පුවත සමග පළ කර තිබේ.