මහින්දගේ ඉල්ලීමටත් පිටුපායි..! නාමල් අයවැයට පක්ෂව ඡන්දය දීමෙන් වළකියි..!

0
301

මහින්දගේ ඉල්ලීමටත් පිටුපායි..!
නාමල් අයවැයට පක්ෂව ඡන්දය දීමෙන්
වළකියි..!

මෙවර අයවැයෙන් පොදුවේ ජනතාවට සහනයක් අත් වී නැති බැවින්, තමන් අයවැය ඡන්ද විමසීමේ දී ඡන්දය දීමෙන් වැළකී සිටි බව නාමල් රාජපක්ෂ පවසයි.

කෙසේ නමුත්, අද අය වැය විවාදයේ දී මහින්ද රාජපක්ෂ මහතා, මෙවර ඉදිරිපත් කර තිබෙන අයවැය අනාගතවාදී අයවැයක් යැයි පවසා සිටිමින්, අයවැයට පක්ෂව ඡන්දය දෙන්නැයි සියළු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

තමන් ජනතාවට සහන ලැබිය යුතු බව විශ්වාස කරන පුද්ගලයෙකු බැවින්, අයවැයට පක්ෂව ඡන්දය දීමේ හැකියාවක් ඔහුට නැති බව නාමල් රාජපක්ෂ පවසා තිබු්ණි.

පසුගිය වසරේ ඉදිරිපත් කර තිබුණු ඇතැම් යෝජනා මෙවර අයවැයටද ඉදිරිපත් ව ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා එය දුර්වලතාවයක් ලෙස සැලකී ය.

ඊට අමතරව, ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙලක් අයවැය තුළ නැතැයි ද මන්ත්‍රීවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 9 =