මහින්ද-නාමල්-ජොන්ස්ටන්-රෝහිත-සේනාධිපති මානව හිමිකම් කොමිසමට කැදවයි.

0
67
මහින්ද-නාමල්-ජොන්ස්ටන්-රෝහිත-සේනාධිපති මානව හිමිකම් කොමිසමට කැදවයි.
මහින්ද-නාමල්-ජොන්ස්ටන්-රෝහිත-සේනාධිපති මානව හිමිකම් කොමිසමට කැදවයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ සහ නිශ්ශංක සේනාධිපති යන අය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැදවා ඇති බව වාර්තා වේ.

පිරිස මෙසේ මානව හිමිකම් කොමිසම හමුවට කැදවා ඇත්තේ, පසුගිය නම වන දා අරලිය ගහමන්දිරයේ සිට ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබද විමර්ෂණවලට අදාලවයි.

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, සහ රමේශ් පතිරණ, එළැඹෙන බදාදා දිනයේ දී මානව හිමිකම් කොමිසම හමුවට කැදවා ඇති අතර, ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති හෙට දිනයේ දී මානව හිමිකම් කොමිසමට කැදවා තිබේ.

නිශ්ශංක සේනාධිපති කැදවා ඇත්තේ, ගෝඨාගෝගමට පහර දීම සදහා වටරැක බන්ධනාගාර රැදවියන් යොදාගෙන ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණවලට අදාලවයි.

මීට අමතරව, පොලිස්පතිවරයා සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන් දු තෙන්නකෝන් ද මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + twelve =