මහින්ද යළි අගමැති කිරීමේ සූදානමක්.
අපිටත් උදව් කරන්නලු.
චන්න ජයසුමන කියයි.
අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන එම ධූරයෙන් ඉවත් කර නැවත මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමේ සූදානමක් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසත් තමන්ට ඒ බව පැවසූවේ යැයි හෙළි කරන මන්ත්‍රීවරයා, මහින්ද අග්‍රාමාත්‍ය ධූරය සදහා පත් කරන ඡන්ද විමසීමේ දී අවශ්‍ය සහාය ලබා දෙන ලෙස එම පිරිස තමන්ගේ ඉල්ලා සිටි බවද පවසයි.
කෙසේ වෙතත් තමන් එවැනි දේකට උදව් නොකරන බව මන්ත්‍රීවරයා පවසයි.