‘මාකදුරේ මදූෂ්ට අත්වූ ඉරණම මගේ දරුවාට අත් වෙන්ඩ ඉඩ තියන්න එපා..!’ හරක්කටා සමග අද ලංකාවට රැගෙන එන සළිඳුගේ අම්මා ඉල්ලයි.

0
1786

‘මාකදුරේ මදූෂ්ට අත්වූ ඉරණම
මගේ දරුවාට අත් වෙන්ඩ ඉඩ තියන්න එපා..!’
හරක්කටා සමග අද ලංකාවට රැගෙන එන
සළිඳුගේ අම්මා ඉල්ලයි.

හරක්කටා නමින් ප්‍රකට පාතාල කල්ලි නායකයා සමග මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගනු ලැබූ කුඩු සළිදු නමින් හදුන්වන තැනැත්තාගේ මව, සිය දරුවාගේ ජීවිතයට තර්ජනයක් ඇති බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ.

සිළිදුගේ මව පවසන්නේ සිය දරුවාටද මාකදුරේ මධූෂ්ට අත් වූ ඉරණම මෙන් ඉරණමක් අත්කර දීමේ සැලසුමක් ඇති බව ඇයට දැනගන්නට ඇති බවයි.

නීත්‍යනුකූලව ඕනෑම දඩුවමක් සිය දරුවාට ලබා දෙන ලෙස ඉල්ලා සිටින සළිදුගේ මව නීතියෙන් පිට දරුවාගේ ජීවිතයට අනතුරක් නොකරන ලෙස ඉල්ලා සිටියි.

සිය දරුවා අපොස සාමාන්‍යපෙළ විභාගය ඩී සම්මාන හයක්ද සමගින් සමත් වූ දක්ෂ දරුවෙක් බවත් නරක ඇසුර නිසා ඒ දරුවා නොමග ගිය බවත් සළිඳුගේ මව පවසයි.

ක-ුඩු සළිඳු යන අන්වර්ථ නාමය දරුවාට ලබා දුන්නේ පොලිසිය බවටත් ඇය චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − one =