මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ
සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති
හමුදා නිළධාරියාට එරෙහිව
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පනවයි.
ජාත්‍යන්තර මානව දිනය නිමිත්තෙන් මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ සිදුවීම් හා සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව සම්බාධක පැනවීමට ඇමරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යාමේ සිදුවීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති මේජර් බුලත්වත්ත යන අයට එරෙහිව ද එක්සත් ජනපදය බ්විින් සම්බාධක පනවා තිබේ.
කීත් නොයාර් 2008 වසරේ මැයි මාසයේ දිනක සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් වදබන්දනයට ලක්කර තිබුණි.
ඒ වන විට ඔහු ද නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් කටයුතු කරමින් සිටියේ ය. කීත් නොයාර් පැහැරගෙන යාමට හමුදා නිළධාරීන් සම්බන්ධ බවට චෝදනා එල්ල වී තිබුණි.