මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීම රජය වලක්වයි..!

0
524

මානව හිමිකම් කවුන්සිලයේ
නියෝජිත පිරිසක් මෙරටට පැමිණීම
රජය වලක්වයි..!


සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණයක් පිළිබදව සොයා බැලීම සදහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකන් කවුන්සිලයේ විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට පැමිණීමට සූදානම් ව ඇති බවත් රජය ඔවුන්ගේ පැමිණීම වළක්වා ඇති බවත් වාර්තා වේ.

සිලෝන් ටුඩේ පුවත්පත සිය මුල්පුවතෙන් මේ බව වාර්තා කර තිබේ.

සිය විශේෂ නියෝජිත පිරිසක් පසුගිය ජූලි 08 වන දා ලංකාවට පැමිණීමට කළ ඉල්ලීම ජූලි 18 වන දා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව මානවහිමිකම් පිළිබද මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මානවහිමිකම් කොමිසමේ ඉල්ලීම රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද ජූලි 18 වන දා වන විට රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

ලංකාව සම්බන්ධයෙන් මානවහිමිකම් කවුන්සිලය ගෙන ආයා 46/1 යෝජනාවේ හයවන ඡේදය ලංකා රජය ප්‍රතික්ෂේප කරන බව මානව හිමිකම් පිළිබදව මහකොමසාරිස් කාර්යාලයට දැනුම් දී තිබේ.

සාක්ෂි එකතු කිරීම පිළිබද කරුණ අඩංගු වන්නේ එම කොටස තුළ බව පැවසේ.

එම ඡේදය මගින් යුද අපරාධ චෝදනා එල්ල වී ඇති හමුදා සාමාජිකයන්ට එරෙහිව නඩු පැවරීමේ බලය තෙවන පාර්ශ්වයකට හිමි වේ.

කෙසේ වෙතත් ලංකාවේ හමුදා විසින් සිදු කරන ලද බවට චෝදනා එල්ල වී තිබෙන යුද අපරාධ පිළිබදව මානවහිමිකම් මහකොමසාරිස් කාර්යාලය අඛණ්ඩව සාක්ෂි රැස් කරමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + four =