මානව හිමිකම් ගැන
ගෝඨාභය තරමටවත්
රනිල්ගේ තැකීමක් නෑ.
නාමල් රාජපක්ෂ කියයි.
රනිල් වික්‍රමසිංහ මහතා පෙරදී මානව හිමිකම් පිළිබදව දැඩිව උනන්දු වූවද මේ වන විට ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තරමටවත් මානව හිමිකම් පිළිබදව නොතකන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතා වෙනස් වී ඇති බව පවසන නාමල් රාජපක්ෂ තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කලේ ඒ නිසා යැයිද පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධ ජයගැනීමට සමතෙකු නම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැරලි මර්දනයට සමතෙකු බව නාමල් රාජපක්ෂ කියයි.
බටහිර තානාපති කාර්යාල කියන පදයට නොනැටීම ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ හොද ගුණයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හදුනාගෙන සිටින අතර ඒ සියලු ගුණ ඔහුගේ පැසසුමට ලක්ව තිබෙන බවද පැහැදිලිය.
පසුගිය පහළොස්වනදා පොලොන්නරුවේ පැවති ජනහමුවකට එක් වෙමින් නාමල් රාජපක්ෂ මහතා මෙම කරුණු ප්‍රකාශ කර තිබේ.