මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත; ඇමරිකානු තානාපතිනියගෙන් විශේෂ ඉල්ලීමක්..!

0
380

මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත;
ඇමරිකානු තානාපතිනියගෙන්
විශේෂ ඉල්ලීමක්..!

මාර්ගගත ආරක්ෂණ පනත සහ ත්‍රස්ත විරෝධී පනත යන පනත් ගෙන ඒමේ දී, ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහතික කිරීමට වග බලා ගන්නා ලෙස, මෙරට ඇමරිකානු තානාපතිනී, ජුලී චන්ග් මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබද සාකච්ඡාවට, තාක්ෂණික අංශයෙන්, සිවිල් සමාජයෙන් සහ ප්‍රවීණයන්ගෙන් අදහස් ලබා ගැනීම අතිශයින්ම වැදගත් වනු ඇති බවද ඇය පවසයි.

එය, කිසිසේත්ම කප්පාදු කළ නොහැකි මූලික අයිතිවාසිකමක් වන බැවින්, ප්‍රකාශනයේ නිදහස අත්‍යවශ්‍යයෙන්ම සුරැකිය යුතුව ඇති බවද මෙරට ඇමරිකානු තානාපතිනිය අවධාරණය කරයි.

එමෙන්ම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, නව ත්‍රස්තවිරෝධී පනතක් හදුන්වා දෙන බවට, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දුවට ගරු කරන ලෙසද තානාපතිනිය ඉල්ලා සිටියි.

ආරක්ෂාව මෙන්ම නිදහස ද ශ්‍රී ලාංකීය පුරවැසියන්ට අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි. එබැවින්, ඵලදායි නීති සම්පාදනය කිරීම හරහා නිවැරදි සමතුලිත භාවයක් නිර්මාණය කළ හැකි බව පවසන තානාපතිනිය, ඒ ඔස්සේ ජනතාවගේ රැස්වීමේ නිදහස ආරක්ෂා කළ හැකිවාක් මෙන්ම, ආරක්ෂාවට එල්ල විය හැකි තර්ජන ඵලදායි ලෙස විසදීමේ හැකියාව ද නිර්මාණය වන බ ව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 3 =