“මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත,
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට
මරු පහරක්..!”
ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම
මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත, ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන්ම සම්මත වුවහොත්, දැනටමත් ක්‍රමයෙන් හැකිලී යමින් පවතින අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තව දුරටත් මර්දනයට ලක්වනු ඇතැයි, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසයි.
පසුගිය 18 වන දා, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යංශය විසින් මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත් කෙටුම්පත ගෙන ආවේ ය.
මෙම පනත් කෙටුම්පත තුළ, මානව හිමිකම් සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වන වගන්ති කිහිපයක් ම අඩංගු බව ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පවසයි.
මාර්ගගත ක්‍රම ඔස්සේ වෛරී ප්‍රකාශ සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්විය යුතු නමුත්, ශ්‍රී ලංකාව රජය ගෙන ඒමට නියමිත අදාල පනත් කෙටුම්පත එහි සැලසුමේ ගැඹුරින්ම දෝශ සහිත වන අතර, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තහවුරු කිරීමට අපොහොසත් වූ රජය, නිසැකරයෙන් ම මෙම පනත අවභාවිතා කරනු ඇතැයි, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සීඩර්මන් පවසයි.
ඊට අමතරව, රජයේ ක්‍රියා පිළිවෙත සහ රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් පුළුල් මහජන සංවාදයක් ඇති කිරීමට මෙම පනත බාධාවක් වනු ඇතැයි ද ඔහු අනුමාන කරයි.
මාර්ගගත ආරක්ෂාව පිළිබද පනත් කෙටුම්පත වහා ඉවත් කර ගන්නා ලෙස, ශ්‍රී ලංකා නීතීඥ සංගමයද රජයෙන් ඉල්ලා සිටියේ ය.