මාර්තුවේ ඡන්දය තියන්න එපා…!
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්…!
මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
විශ්‍රාමික හමුදා නිළධාරියෙකු විසින් අදාල පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි පැවසෙන්නේ.
මැතිවරන කොමිසමේ සභාපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, භාණ්ඩාගාර ලේකම් සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මැතිවරණය සදහා රුපියල් බිලියන දහයකට ආසන්න මුදලක් වැය වන බවට ගණන් බලා ඇති අතර පෙත්සම් කරු මැතිවරණය නොපවත්වන ලෙස ඉල්ලා සිටීමට එම කාරණයද හේතු වී තිබේ.