මාර්තුවේ දී තවත් ඇමතිවරු දිවුරුම් දෙති. එස්.බී කියයි.

0
210

මාර්තුවේ දී
තවත් ඇමතිවරු දිවුරුම් දෙති.
එස්.බී කියයි.


මාර්තු මාසයේ දී අමාත්‍ය මණ්ඩලය සදහා තවත් අමාත්‍යවරු කිහිප දෙනෙකු පත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

එසේ පත්වීමට නියමිත අමාත්‍යවරු අතර තමන් ඇතුළුව, ගාමිණී ලොකුගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, සරත් වීරසේකර, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ එස්.එම් චන්ද්‍රසේන යන අය සිටින බව ඔහු පවසයි.

හිරු ටීවී සලකුණ වැඩසටහන හා එක්වෙමින් එස්.බී. දිසානායක මහතා මේ බව පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen − 1 =