මාර්තුවේ දී පළාත් පාලන ඡන්දය අවශ්‍ය බව
එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරියත්
කියයි.
මාර්තු මාසයේ පලාත් පාලන මැතිවරණය පවත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව දිවයිනට පැමිණ සිටින එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලාඩ් මහත්මිය පවසා තිබේ.
පසුගිය වසරේ දී ශ්‍රී ලාංකීය ජනතාව විනිවිධ භාවයෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් පිළිබදව අපේක්ෂාවෙන් වීදි බට බව පවසා ඇති වික්ටෝරියා නූලාඩ්, රජය නිසි ලෙස මැතිවරණය පවත්වා ප්‍රාජාතන්ත්‍රවාදයේ දොරකවුළු ජනතාවට විවර කරදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව පවසා තිබේ.
තමන් උතුරේ දෙමළ ජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් මුණ ගැසුණු බව පවසන එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේක්මවරිය, උත-ුරේ දෙමළ ජනතාවගේ ඉඩම් නැවත ඔවුන්ට ලබා දීමට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවද පවසයි.
ඇමරිකානු රජය මෙරට පාසල් දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන තිහක මුදලක් වෙන්කර තිබෙන බවද මාධ්‍ය හමුවේ ඇය පවසා සිටියා ය.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබදවද කරුණු දක්වා ඇති වික්ටෝරියා නූලාඩ්, පැරිස් සමාජය සහ ඉන්දියාව ලංකාවට දක්වන සහාය අගය කර ඇති අතර චීනය සම්බන්ධයෙන් විවේචනාත්මකව අදහස් දක්වා තිබේ.
ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය පැමිණ තිබෙන එකගතා ප්‍රමාණවත් නොවන බව ඇය පවසා තිබේ.