මාර්තුවේ සංචාරකයෝ
125,495 ක් පැමිණෙති.
අවුරුද්දේ පළමු මාස තුනට පැමිණ
තිබෙන මුලු සංචාරකයන් ගණන,
335,679 ක්.
ගෙවුණු මාර්තු මාසය තුළ විදේශීය සංචාරකයන් එක් ලක්ෂ විසිපන්දහස් හාරසිය අනූ පස් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
මාර්තු මාසයේ පැමිණි එම සංචාරකයන් සංඛ්‍යාවත් සමග, වසරේ මුල් මාස තුන තුළ දිවයිනට පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 335,579 කි.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරය රුසියානුවන් වන අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය පිළිවෙළින් රුසියාවට පසුපසින් සිටියි.