මාර්තු මුල් සති තුනට
සංචාරකයෝ 84,585 ක් පැමිණෙති.
දිනක සාමාන්‍ය පැමිණීම 4024 ක්.
මාර්තු මාසයේ මුල් සති තුන තුළ විදේශීය සංචාරකයන් 84,585 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 21 වන දා දක්වා රට තුළට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න අගයක් ගනී.
අදාල කාල සීමාව තුළ දෛනිකව පැමිණ ඇති සංචාරකයන්ගේ සාමාන්‍යය අගය 4,024 කි.
මෙරටට පැමිණ තිබෙන සංචාරකයන්ගෙන් 22% ක් රුසියානු ජාතිකයන් වේ.