මාර්තු 17 වනදායින්
කල් ඉකුත් වීමට නියමිතයි.
ඉන්දියාව ලබා දුන්
ඩොලර් බිලියන 1 ක ණය පහසුකමින්
වියදම් කර ඇත්තේ
තුනෙන් දෙකක් පමණයි…!
ඉන්දියාව ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 1 ක ණය පහසුකමින් වියදම් කර ඇත්තේ තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් පමණක් බව රොයිටර් පුවත් සේවය උපුටා දක්වමින් මෙරට පුවත්පත් වාර්තා කර තිබේ.
අදාල ණය පහසුකම මාර්තු 17 වන දායින් කල්පිරීමට නියමිත ය.
ඉන් අදහස් වන්නේ මාර්තු 17 වන දා වන විට භාවිතයට නොගතහොත් එම ණය පහසුකම තව දුරටත් භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උදා වන බවයි. එබැවින් ණය පහසුකම භාවිතයට ගත හැකි කාලය තවත් මාස කිහිපයකින් දීර්ඝ කර ගැනීම සදහා ශ්‍රී ලංකා බලධාරීන් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.
කෙසේ වෙතත් ඉන්දියාව මේ සම්බන්ධයෙන් එකගතාවයක් ලබා දී ඇති බව වාර්තා නොවේ.