මාරාන්තික අනතුරක් සිදුකර ඩුබායි වෙත පලාගිය සැකකරු අත්අඩංගුවට ගනී.

0
1426

මාරාන්තික අනතුරක් සිදුකර
ඩුබායි වෙත පලාගිය සැකකරු
අත්අඩංගුවට ගනී.


පසුගිය සෙනසුරාදා දිනයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී සිදු වූ මාරාන්තික රිය අනතුරට සම්බන්ධ කෝටිපති ව්‍යාපාරික තරුණයා ඩුබායි සිට නැවත දිවයිනට පැමිණෙමින් සිටියදී ඊයේ දිනයේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රිය අනතුරින් එක් පුද්ගලයෙකු මියගොස් තිබුණු අතර රිය අනතුර සිදු කළ 26 හැවිරිදි මොහොමඩ් රිසාක් නම් ව්‍යාපාරික තරුණයා ඩුබායි වෙත පලාගොස් තිබුණි.

ඔහු අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසියේ සහාය පතන බව පොලිසිය පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

කෙසේ වෙතත්, ඩුබායි වෙත පලා ගිය සැකකරු ඊයේ නැවත දිවයිනට පැමිණෙමින් සිටිය දී අත්අඩංගු-වට ගෙන තිබේ. මේවන විට සැකකරු කොල්ලුපිටිය පොලිසියට භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =