“මාවත්
අත්අඩංගුවට
ගන්නවාලූ..!”
හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර.
තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පවසයි.
රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වී පැය විසිහතරක් යාමට මත්තෙන් මර්දනය දියත් කර තිබෙන බව පවසන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, අරගලය හා සම්බන්ධ වූ කිසියම් අයෙකු තමන් අත් අඩංගුවට පත්වීමේ අවදානමක් ඇතැයි සිතන්නේ නම්, ඇගේ නිල ෆේස්බුක් පිටුව හරහා ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස ඉල්ලා සිටියි.
රනිල් වික‍්‍රමසිංහ මහතා මර්දනය දියත් කර තිබුණද, මේ වසර අවසන් වීමට පෙර සියල්ල වෙනස් වීමට නියමිත බව පවසන හිරුණිකා, ප‍්‍රචණ්ඩත්වයට යොමු නොවන ලෙසද සියළු අරගලකරුවන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.