මාස හතට 748,377යි…!
ගෙවුණු වසරේ පැමිණි
මුළු සංචාරක සංඛ්‍යාව
ඉක්මවා යයි..!
කොරෝනා වසංගතයට පසුව, එක් මාසයක් තුළ වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි මාසය මේ ජූලි මාසය බවට පත්ව තිබේ.
මාසයේ මුල් දින 27ට, දිවයිනට පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 123,503 කි.
ඒ අනුව, ජනවාරි සිට ජූලි 17 දක්වා පැමිණ තිබෙන සමස්ත සංචාරක සංඛ්‍යාව 748,377 කි.
මෙම සංඛ්‍යාව, පසුගිය වසරේ පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව ඉක්මවා යයි.
ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීම, ජූනි මාසයේ පැවති, 3,346 සිට 4,574 දක්වා ඉහළ ගොස් තිබේ.
ජූලි මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. පැමිණ සංචාරකයන් සංඛ්‍යාව, 20, 779 කි.
දෙවැනියට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙනි. පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 15,126 කි.
ඊට අමතරව, චීනය, රුසියාව සහ ජර්මනිය, පිළිවෙළින් ඉහලින් සිටියි.
