මාස 11 කට පසුව දනුෂ්ක ගෙදර එයි…!

0
971

මාස 11 කට පසුව
දනුෂ්ක ගෙදර එයි…!

ලිංගික අපයෝජනා චෝදනාවෙන් නිදොස්කොට නිදහස් වූ දනුෂ්ක ගුණතිලක, මාස එකොළහක් වූ දීර්ඝ කාලයකට පසුව, අද දිනයේ දී දිවයින බලා පැමිණෙන බව වාර්තා වේ.

සිඩ්නි අධිකරණයෙන් නිදොස්කොට නිදහස් වූ දනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

ලිංගික අපයෝජනා චෝදනා එල්ල වීමෙන් පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, දනුෂ්කට එරෙහිව වාරණයක් පැනවූ අතර, දැන් ඔහු සියළු චෝදනාවන්ගෙන් නිදොස්කොට නිදහස්ව ඇති බැවින්, එම වාරණය කඩිනමින් ඉවත් කරනු ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 4 =