මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පූර්ණයෙන්ම තහනම්.

0
623

මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක
පෙළපාලි යාම සම්පූර්ණයෙන්ම තහනම්.


මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පූර්ණයෙන්ම තහනම් බවත් එබැවින් පසුගිය ඉරිදා දිනයේ දී ජාතික ජනබලවේගය විසින් සිදුකරන ලද්දේ නීති විරෝධී ක්‍රියාවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසා තිබේ.

පෙළපාලිය විසුරුවා හැරීමට කටයුතු කලද ජාතික ජනබලවේගය විසින් පවත්වන ලද ජන හමුවට පොලිසිය කිසිදු බාධාවක් සිද්ධ නොකළ බවද ඔහු පවසා තිබේ.

ජාතික ජනබලවේගය විසින් පසුගිය ඉරිදා පවත්වන ලද විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කදුළු ගෑස් සහ ජලප්‍රහාර යොදා ගත් අතර තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයන් විසි නම දෙනෙකු අතරෙන් එක් පුද්ගලයෙකු ඊයේ දිනයේ දී ජීවිතක්ෂයට පත් විය.

තවත් පුද්ගලයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − seven =