‘මැතිවරණයට බාධා කිරීමේ
සියළු උත්සාහයන් පරාජය කළ යුතුයි…!’
නීතීඥ සංගමය කියයි.
මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය කඩාකප්පල් කිරීම සදහා රජය ගනු ලබන උත්සාහය පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කණස්සල්ල පල කරන බව නිවේදනය කරයි.
රාජ්‍ය මුදල් කළමණාකරණය කිරීම අරමුණුකරගත් බව පවසමින් රජය මෑතකදී ගනු ලැබූ පියවර කිහිපයක් ම මැතිවරණය පැවැත්වීමට බාධා කරන අයුරින් මැතිවරණ කොමිසමට බලපා තිබේ.
මුදල් ලබා දෙන තුරු ඡන්ද පත්‍රිකා මුද්රණය කළ නොහැකි බව රජයේ මුද්රණාලාධිපතිනිය සිදුකරන ලද ප්‍රකාශය මෙන්ම මැතිවරණය සදහා ලබා දීමට මුදල් නොමැති බවට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් සිදුකරන ලද ප්‍රකාශය ඊට ඇතුළත් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.
ඉහත කරුණු ගෙනහැර පාමින් රජය මැතිවරණය කඩාකප්පල් කිරීමට පියවර ගෙන ඇත්f්ත මැතිවරණය සදහා අයවැයෙන් රුපියල් බිලියන දහයක් වෙන්කර තිබිය දී ය.
එබැවින් ඉහත තීරණ ගනු ලැබ ඇත්තේ මැතිවරනය කඩාකප්පල් කිරීමේ අරමුණෙන්ම බව පැහැදිලිවම පෙනෙන්නේ යැයි නීතීඥ සංගමය පවසයි.
මැතිවරණයට බාධා කරමින් ගනු ලැබූ මේ ආකාරයේ ක්‍රියාමාර්ග මීට පෙර දැක නැති බවද නීතීඥ සංගමය පවසයි.
ඡන්ද බලයට බාධා කරන ආකාරයේ ඕනෑම පියවරක් දුරදිග යන ප්‍රතිවිපාක අත්කර දෙනු ඇතැයි අනතුරු හගවන නීතීඥ සංගමය මැතිවරණය වැළැක්වීමට ගනු ලබන ඕනෑම පියවරක් පරාජය කළ යුතු බවද අවධාරණය කරයි.