මැතිවරණයේ ඉරණම ගැන සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම අද රැස් වේ.

0
137

මැතිවරණයේ ඉරණම ගැන සාකච්ඡා කිරීමට
මැතිවරණ කොමිසම අද රැස් වේ.

මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යංශය මගින් නිකුත් නොකිරීමේ තත්ත්වයක් තුළ ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසමේ විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්වෙන බව වාර්තා වේ.

මාර්තු නමවනදාට දින නියමකර තිබුණු පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 දක්වා කල් දමනු ලැබූ අතර, එදිනටද මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනා සැක පළ කරයි.

පළාත් පාලන ඡන්දයට අදාල තැපැල් ඡන්ද පත්‍රිකා මුද්රණයට අවශ්‍ය මුදල් මුදල් අමාත්‍යංශයෙන් මේ දක්වා තමන්ට ලැබී නැති බව රජයේ මුද්රණාලයාධිපතිනිය පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 + nine =