මැතිවරණ කොමිසමේ කැදවීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ප්‍රතික්ෂේප කරයි.

0
401

මැතිවරණ කොමිසමේ කැදවීම
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න
ප්‍රතික්ෂේප කරයි.
සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.


පසුගිය දහඅටවන දා මැතිවණ කොමිසම විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න මහතා සාකච්ඡාවක් සදහා කැදවා ඇති නමුත්, ආරක්ෂක ලේකම්වරයා එම සාකච්ඡාවට නොපැමිණ ඇති බව සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

පළාත් පාලන මැතිවරණයට අදාලව පැන නැගී තිබෙන ආරක්ෂක ගැටළු පිළිබදව සාකච්ඡා කිරිමේ අරමුණෙන් කොමිසම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා කැදවා තිබේ.

අමාත්‍යංශ ලේකම්වරු කොමිසම හමුවට කැදවීමේ බලයක් මැතිවරණ කොමිසමට නැති වීම
මෙම හමුව වර්ජනය කිරීමට කමල් ගුණරත්න මහතා තීරණය කර තිබෙන එක් හේතුවත් බව පුවත්පත වාර්තා කරයි.

ඊට අමතරව, මැතිවරණ කොමිසම මීට පෙර පොලිස්පතිවරයා කැදවා සාකච්ඡා කර තිබෙන බවත් එහිදි පොලිස්පතිවරයා පෙන්වා දී තිබෙන කරුණු පිළිබදව කොමිසම අවධානය යොමු කර නොතිබීමද, කමන් ගුණරත්න මහතා කොමිසමේ ආරාධනය පිළි නොගැනීමට තවත් හේතුවක් බව පුවත්පත ඉගි කරයි.

මැතිවරණ රාජකාරී සදහා යෙදවීමට ප්‍රමාණවත් පොලිස් නිළධාරීන් නොමැති බව පොලිස්පතිවරයා කොමිසම හමුවේ පෙන්වා දී තිබේ.

ඒ නමුත් පොලිස්පතිවරයාගේ කරුණු ගෙනහැර දැක්වීම් නොතකා හරිමින් මැතිවරණ කොමිසම පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කලේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 1 =