‘මැතිවරණ කොමිසමේ සියළු සාමාජිකයන්ගේ ඒකමතික අදහස ඡන්දය පැවැත්විය යුතු බවයි..!’ සභාපති නිමල් පුංචිහේවා.

0
175

‘මැතිවරණ කොමිසමේ
සියළු සාමාජිකයන්ගේ ඒකමතික අදහස
ඡන්දය පැවැත්විය යුතු බවයි..!’
සභාපති නිමල් පුංචිහේවා.


පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර එකගතාවයක් නැති බව පසුගිය දින කිහිපයේ වරින් වර විවිධ පාර්ශ්වයන් ප්‍රකාශයට පත් කර තිබුණි.

විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සහ ජනාධිපතිවරයා අතර පසුගිය දිනෙක ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට පසුව, ඡන්දය සම්බන්ධයෙන් මුලින්ම මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එක් මතයකට පැමිණ සිටින්නැයි ජනාධිපතිවරයා පැවසූ බවට මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

මාධ්‍යයේ පළවන මෙම වාර්තාවන්ගේ සත්‍යතාවයක් නැති බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ දිනයේ දී ප්‍රකාශ කර සිටියේ ය.

ඔහුට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද, ඡන්දය සම්බන්ධයෙන් කොමිසමේ සාමාජිකයන් අතර එක් මතයක් නැති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කර සිටියේ ය.

ඒ දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වන තුන්සිය හැට වැඩටසහනට සහභාගී වෙමිනි.

නිවේදකයා විසින් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පස් දෙනාගේ නම් වෙන වෙනම ප්‍රකාශ කරමින් මැතිවරණය සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය කුමක්දැයි විමසා සිටි අතර කොමිසමේ සභාපතිවරයා ඒ එක් එක් පුද්ගලයා නිසැක වශයෙන්ම මැතිවරණය පැවැත්විය යුතුය යන අදහසේ රැදී සිටින බව තහවුරු කළේ ය.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ගැසට් නිවේදන තුනක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඒ සියලු ගැසට් නිවේදන සදහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පස් දෙනාම අත්සන් කර තිබෙන බවද කොමිසමේ සභාපති පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =